තැපැල් දුම්රියට වැදිලා මැරුණාද? පැනලා  මැරුණාද?

තැපැල් දුම්රියට වැදිලා මැරුණාද? පැනලා මැරුණාද?

April 18, 2015   01:27 pm

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වු රාත්‍රී තැපැල් දුම්රියේ ගැටී තරුණයෙකු මියගොස් තිබේ.

පොලිසිය පැවසුවේ ඊයේ(17)  රාත්‍රී 11.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

රාත්‍රී දුම්රිය මාර්ග පරික්ෂාවේ යෙදෙන මුරකරුවෙකු විසින් මියගිය  තරුණයාගේ සිරුර දුම්රිය මාර්ගයේ තිබෙනු දැක ඒ පිළිබඳව හැටන් පොලිසියට දන්වා තිබේ

මළ සිරුර මේ වනවිට දික්ඔය  මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව  පොලිසිය සඳහන් කළේය.

මියගිය තරුණයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගෙන නොමැති අතර ඔහු දුම්රියට පැන සියදිවි හානි කරගත්තාද නැතහොත් දුම්රියේ ගැටී මියගියාද යන්න මෙතෙක් සොයාගෙන නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.