ජාතික නාමල් උයනේ හිමිනමට වෙඩි තියන්න හදලා - පොලීස් නිලධාරියා දැලේ
April 18, 2015 12:22 pm
ජාතික නාමල් උයනේ භාරකාරත්වය දරණ වනවාසී රාහුල හිමියන්ට වෙඩි තැබීමය උත්සහ කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු ගල්කිරයාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ(17) රාත්රී 7.00 ට පමණ ටී 56 වර්ගයේ ස්වයංක්රීය ගිනි අවියකින් කොස්තාපල්වරයා උන්වහන්සේට වෙඩීමට උත්සහ කළ බව වාර්තා වුණි.
කෙසේවෙතත් අදාළ සිද්ධියෙන් අනතුරුව කොස්තාපල්වරයා තමන්ට මරණ තර්ජන සිදුකරමින් බැන වැදුණු බව උන්වහන්සේ පවසා තිබේ.
පසුව රාහුල හිමියන් විසින් මේ පිළිබදව පොලිසියට දැනුම් දී ඇති අතර ඒ අනුව ගල්කිරියාගම පොලිසියේ නිලධාරින් පිරිසක් අදාළ කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාව්දී කොස්තාපල්වරයා බීමතින් සිට ඇති බවද පොලිසිය සදහන් කළේය.
අදාළ සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් වනවාසි රාහුල හිමියන් පවසා ඇත්තේ අදාළ පොලිස් නිලධාරියා සවස 6ට සේවයට වාර්තා කළ යුතුව පැවතියද ඔහු සේවයට වාර්තා කර ඇත්තේ සවස 6.45ට බවයි.
ඒ සම්බන්ධයෙන් තමන් විසින් කොස්තාපල්වරයා දැනුවත් කළ අතර ඉන් කෝපයට පත්වු කොස්තාපල්වරයා තමන්ට සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තැබීමට උත්සහ කළ බව රාහුල හිමියන් පවසා තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් නිලධාරිවරයා අද කැකිරාව මහේස්ත්රාත් හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.