තේ දළුවලට දෙන රු. 80ක සහතික මිල අද සිට ක්‍රියාත්මකයි

තේ දළුවලට දෙන රු. 80ක සහතික මිල අද සිට ක්‍රියාත්මකයි

April 18, 2015   11:15 am

රජයේ අතුරු අයවැයෙන් යෝජනා කර තිබූ අමු තේ දළු කිලෝ ග්‍රෑම් එකක් සඳහා  රුපියල් 80ක සහතික මිලක් ලබා දීමේ වැඩපිළිවෙළ අද (18) සිට ආරම්භ කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

මෙම වැඩපිළිවෙළ මේ වන විට  නිල වශයෙන් මොරවක කළුබෝවිටියාන තේ කම්හල් පරිශ්‍රයේ දී වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ දෙණියාය එක්සත් ජාතික පක්ෂ සංවිධායක සාගල රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව එම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මෙම සහතික මිල ලබා ගැනීමට නම් සපයන තේ දළුවලින් 60% ට වැඩි ප්‍රමාණයක් හොඳ ප්‍රමිතියෙන් යුක්තවීම අනිවාර්යය වන බවද වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි.


අමු තේ දළු   කිලෝ ග්‍රෑම් රුපියල් 80ක සහතික මිලක් ලබාදීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් මහා භාණ්ඩාගාරයට මසකට රුපියල් මිලියන 790ක අමතර මුදලක් වැය කිරීමට සිදුවන බවද එම අමාත්‍යංශය වැඩිදරටත් සඳහන් කරයි.