RDA සේවකයෝ තවදුරටත් සත්‍යග්‍රහයේ නිරතවෙති

RDA සේවකයෝ තවදුරටත් සත්‍යග්‍රහයේ නිරතවෙති

April 18, 2015   10:07 am

ස්ථිර පත්වීම් ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වුවද තවදුරටත් උපවාසයේ නිරත වන බව මාර්ග සංවර්ධන අධිකාරියේ රැකියා අහිමි වූ පුද්ගලයින් 135 දෙනා තීරණය කර තිබේ.

ඔවුන් සඳහන් කරන්නේ පත්වීම් ලබා දුන් පසු ලබන සදුදා උපවාසය අතහැර රැකියා වලට පිටත් වන බවයි.
 
ස්ථිර පත්වීම් නොලැබ සිටි අදාළ පිරිසට නව රජය පත්වීමෙන් පසු රැකියා අහිමි වූ අතර ඔවුන් දින 45 ක කාලයක්  බත්තරමුල්ල අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවී සිටියි.