19 විවාදයට පෙර යළි පක්ෂ නායක රැස්වීමක්!

19 විවාදයට පෙර යළි පක්ෂ නායක රැස්වීමක්!

April 18, 2015   09:09 am

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට පෙර ලබන සදුදා යළි පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට තීරණය කර තිබේ.

නියොජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(17)  පාර්ලිමේනිතු සංකීර්ණයේදී පක්ෂ නායක රැස්වීමක් පැවැත්වුණි.

එහිදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එහිදී ආණ්ඩු පක්ෂය විසින් නව සංශෝධන යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

ඊට විරෝධය පළ කළ විපක්ෂ නියෝජිතයින් ප්‍රකාශ කර ඇත්තේ අදාළ සංශෝධනයට තවදුරටත් වෙනස්කම් නොකරන ලෙසය.

 ව්‍යවස්ථා සංශෝධනය කිරීම සඳහා බහුතර ඡන්දය නොව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දය හිමිවිය යුතු බවට ද මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව අදාළ කරුණු පිළිබඳ ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට දැනුම්දීමෙන් පසු යළි සාකච්ඡා කිරීමට නියමිතය.