අතීතයේ පැවති ගැටලු නිරාකරණයට බ්‍රිතාන්‍ය සහය දෙනවා
April 17, 2015 11:36 pm
පසුගිය යුගයේ පැවැති ගැටලු විසඳීමෙහිලා ශ්‍රී ලංකාව දරණ ප්රයත්නයට බි්රතාන්යය සහාය දක්වන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිට් කැමරන් මහතා පවසයි.
සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් නිකුත් කරන ලද සංදේශයක් මගින්
ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.
එසේම දැනට කි‍්‍රයාත්මක වෙමින් තිබෙන එක්සත් ජාතීන්ගේ විමර්ශනයන්ට සම්පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස ද කැමරන් මහතා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය.
අගමැතිවරයාගේ සංදේශය පහත පරිදි වෙයි.
‘‘බි්රතාන්යයේත්, ශ්‍රී ලංකාවේ හා ලොව පුරා අලුත් අවුරුද්ද සමරණ සිංහල හා දෙමළ ජනතාවට මම සුබ පතමි. මෙය තම අලුත් අවුරුද්ද සැමරීමට පවුල්, මිතුරන් හා අසල්වාසීන් සමඟ මිලියන ගණන් ජනතාව එක්වන අවස්ථාවයි.
එමෙන්ම, දෙමළ හා සිංහල ජනතාව බි්රතාන්යයට ඉටු කරන මෙහෙවර සිහිපත් කිරීමට ද මෙය අනඟි අවස්ථාවකි. ඔබ විසින් ඉටු කරන එම මෙහෙවර අපේ පාසල්වල, රෝහල්වල මෙන්ම කලා හා ව්‍යාපාර අංශයන් හි ද අපට සෑම දිනෙකම දක්නට ලැබෙයි.
අලුත් අවුරුද්ද සමරන බොහෝ දෙනා පිටරට, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සිටින තම ආදරණීයයන් සිහිපත් කරන බව මම දනිමි. පසුගිය මාසයේ ලන්ඩනයේ ඩෝව්නින්ග් ස්ටී්රට්හි දී ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේ පසුගිය ගැටලුවලට පිළියම් සෙවීමට එතුමාගේ රජය ගෙන ඇති පියවරයන්ට මා උපකාර කරන බව පැවසීමි. දැනට කි‍්‍රයාත්මක වෙමින් තිබෙන එක්සත් ජාතීන්ගේ විමර්ශනයන්ට රජය සම්පූර්ණ ලෙස සහයෝගය දැක්විය යුතු බව මට පෙනුණි.
අතීත පීඩාවන් සමනය කිරීමට උපකාරී වීමෙහි ලා මේ අලුත් අවුරුද්ද විසින් ජන කොටස් එක් කරනු ඇතැයි මම අපේක්ෂා කරමි.
අලුත් අවුරුද්ද සමරන සියල්ලන්ට සතුටු හා සෞභාග්‍යවත් නව වසරක් මම ප්‍රාර්ථනා කරමි’’