සූර් රියදුරන් 1347ක් පොලිස් දැලේ

සූර් රියදුරන් 1347ක් පොලිස් දැලේ

April 17, 2015   04:59 pm

අද(17)  පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ පමණක් බීමත් රියදුරන් 275 දෙනෙකු අතුඅඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඔවුන් අතර යතුරුපැදිකරුවන් 175 දෙනෙකු සහ ත්‍රීරෝද රථ රියදුරන් අසූ දෙදෙනෙකු වන බව  පොලීසිය සඳහන් කළේය.

 ඒ අනුව පසුගිය 11 වන දින සිට බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ආරම්භ කළ විශේෂ මෙහෙයුම යටතේ මේ වන විට රියදුරන් 1347 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

යතුරු පැදිකරුවන් 775 දෙනෙකු, ත්‍රීරෝද රථ රියදුරන් 486 දෙනෙකු ලොරි රථ රියදුරන් 43 දෙනෙකු සහ මෝටර් රථ රියදුරන් 38 දෙනෙකු  ඒ අතර වන බව සඳහන්ය.

 මීට අමතරව වෑන් රථ රියදුරන් 19 දෙනෙකු පෞද්ගලික බස් රථ රියදුරන් හත් දෙනෙකු සහ ලංගම බස් රථ රියදුරෙකු බීමතින් රිය පැදවීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.


උත්සව සමය හේතුවෙන් දිවයිනේ සියළුම ප්‍රදේශ ආවරණය වන පරිදි බීමත් රියදුරන්  අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ආරම්භ කළ මෙම විශේෂ මෙහෙයුම ලබන 20 වන දින දක්වා ක්‍රියාත්මය.