අතුරුදහන් වු තරුණියගේ මළ සිරුර ලක්ෂපාන ඇළෙන් මතුවෙයි
April 17, 2015 04:19 pm
මස්කෙලිය - හපුගස්තැන්න වතුයායේ අතුරුදන්ව සිටි තරුණියගේ මළ සිරුර සොයාගෙන තිබේ.
අද දහවල් කැනියොන් ජලාශයේ වේල්ලට පහළින් වූ ලක්ෂපාන ඇළේ තිබී මළ සිරුර හමුවී ඇති බව සඳහන්ය.
18 හැවිරිදි මෙම තරුණිය පසුගිය පහලොස් වනදා සිය මව සමඟ ආරව්ලක් ඇති කරගෙන ඇති අතර ඉන්පසුව ඇය අතුරුදන්ව ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.
ඒ අනුව මස්කෙලිය පොලීසිය එම තරුණිය සොයා මෙහෙයුම් සිදුකළ ද ඇය සොයා ගැනීමට හැකිවී නොමැත.
කෙසේ වෙතත් අද දහවල් ලක්ෂපාන ඇළේ තිබියදී තරුණියගේ මළ සිරුර හමුවී තිබේ.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙය සියදිවි හානි කරගැනීමක් විය හැකි බවට පොලීසය සැක පළ කරයි.