රවී - බිස්වාල් අමෙරිකාවේදී හමුවෙති

රවී - බිස්වාල් අමෙරිකාවේදී හමුවෙති

April 17, 2015   03:09 pm



මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය අතර හමුවක් පැවැත්වීමට නියමිතව තිබේ.

 රවී කරුණානායක අමාත්‍යවරයා අමෙරිකාවේ නිල සංචාරයක නිරත වී සිටින අතර එම සංචාරය අතරතුර මෙම හමුව සිදුවීමට නියමිත බව සඳහන්ය.

ඒ අනුව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේනතුවේදී නීෂා බිස්වාල් සහ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

 අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය පසුගිය පෙබරවාරි මාසයේදී ද මෙරට නිල සංචාරයක නිරත වූණි.