බස් බස් ගැටී 24 ට තුවාලයි

බස් බස් ගැටී 24 ට තුවාලයි

April 17, 2015   02:22 pm


පුත්තලම - කල්පිටිය මාර්ගයේ මාම්පූරියේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් තුවාල ලැබූ 24 දෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

අද (17) පෙරවරුවේ මෙම අනතුර සිදුවී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.


තුවාල ලැබූ අය අතර පිරිමින් 09 ක්,කාන්තාවන් 12 දෙනෙකු සහ කුඩා දරුවන් 03 දෙනෙකු වන බව පොලීසිය කියයි.


අනතුරට පත්ව ඇති එක් බස් රථයක් කල්පිටියේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ පුද්ගලික බස් රථයක් වන තර අනෙක් බස් රථය ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයකි.‍


එම බස් රථය කල්පිටියේ සිට එරාවුර් දක්වා ගමන් කරමින් තිබී ඇති බව සඳහන්ය.


කල්පිටියෙන් ගමන් ආරම්භ කළ අවස්ථාවේ සිටම මෙම බස් රථ දෙක එකි නෙකා පරයමින් තරඟයට මෙන් ධාවනය වී ඇත.


කෙසේ වෙතත් ඉදිරියෙන් ගමන් කළ පුද්ගලික බස් රථයේ පිටුපස ලංගම බස් රථය ගැටීමෙන් අනතුර සිදුවී තිබේ.

ලංගම බස් රථයේ රියදුරුද තුවාල ලබා රෝහල් ගත කර ඇති අය අතර වේ.


කල්පිටිය පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.