කිරිමැටියායේ සියදිවි නසාගැනීමක්

කිරිමැටියායේ සියදිවි නසාගැනීමක්

April 17, 2015   02:13 pm

ගල්කිරියාගම දෙහිප්පාව,  කිරිමැටියාය ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබේ.

මියගොස් ඇත්තේ ගිරානේගම , දඹුලුගල් මිල්ලෑව ලිපිනයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.

 පැල් රැකීම සඳහා ගොස් එහිදී පහළ පැළේ අයෙකු ලවා තමාගේම තුවක්කුව ගෙන්වාගෙන මෙසේ වෙඩි තබාගෙන ඇති බව සඳහන්ය.

වෙඩි වැදුණු තුවාල සහිතව පුද්ගලයෙකු මියගොස් ඇති බවට ලද තොරතුරකට අනුව ගල්කිරියාගම පොලීසිය විමර්ශන ආරම්භ කළ අවස්ථාවේදී මේ බව අනාවරණය වී තිබේ.

මරණකරු සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දින සිදුකිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.