විදුලි සැර වැදී අවසන් ගමන යයි

විදුලි සැර වැදී අවසන් ගමන යයි

April 16, 2015   04:23 pm

වේයන්ගොඩ, පල්ලේගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් තිබේ.

ප්‍රධාන විදුලි රැහැනකින් විදුලිය ලබා ගැනීමට යාමේදී මෙම අනතුර සිදුවී ඇති බව  පොලීසය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ 24 හැවිරිදි පල්ලේවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මළ සිරුර වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතය.