නීත්‍යානූකූලව ගෙදර යන්න අදත් හෙටත් පුළුවන්
April 13, 2015 08:48 am
නීත්යනාකූලව හමුදා සේවයෙන් ඉවත්වීමට ලබා දී ඇති පොදු සමා කාලය අද සහ හෙට යන දිනවලත් ක්‍රියාත්මක වේ.
මෙම පොදු සමා කාලය පසුගිය 2 වනදා ආරම්භ කෙරුණි.
ඒ අනුව එම කාලය ඊයේ දිනයෙන් අවසන් වීමට තිබුණද එය ලබන 16 වනදා දක්වා ක්‍රියාත්මක වන බව යුධ හමුදා මාධ්‍ය අධ්යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යෙදෙන අද සහ හෙට යන දිනවලද නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත් වීමට අවස්ථාව හිමිකර දී ඇති බව මාධ්‍ය අධ්‍යක්ෂකවරයා පැවසීය.
මේ අතර අදාළ පොදු සමා කාලයේදී මේ වනවිට සෙබළුන් 10,200ක් පමණ නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත් වී ඇත.