ඇල්ලීමක්

ඇල්ලීමක්

July 27, 2017  

Bookmark and Share
කේරළ ගංජා කිලෝග්‍රෑම් 22 ක් සමඟ සැකකරුවෙකු අද(27) අලූයම යාපනය අල්වායි ප‍්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය පේදුරුතුඩුව සුරාබදු කාර්යාල නිලධාරීන් පවසයි.

නාවික හමුදාව වෙත ලද බුද්ධි තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ගංජා ප‍්‍රවාහනය සඳහා සුදානම් කොට තිබු සැකකරු අල්වායි ප‍්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකු බව ද අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු යාපනය පේදුරුතුඩුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඡායා රූප - මාධව කුලසූරිය