ස්වාධීනත්වය වෙනුවෙන්

ස්වාධීනත්වය වෙනුවෙන්

July 26, 2017  

Bookmark and Share
යාපනය මහාධිකරණ විනිසුරු මානික්වාසගර් ඉලංචේලියන් මහතාගේ ආරක්ෂක නිලධාරීන් වෙත එල්ලකළ වෙඩි ප‍්‍රහාරය හෙළාදකිමින් ‍ප‍්‍රදේශවාසීන් විරෝධතා පාගමනක නිරත විය.

විරෝධතාකරුවන් පැවසූවේ අදාළ වෙඩි තැබීම හරහා විනිසුරුවරුන්ගේ ජිවිත වෙත තර්ජන එල්ල වි ඇති අතර,ඒ තුළින් අධිකරණ ස්වාධීනත්වයටද බලපැම් එල්ල වී ඇති බවයි.

රජය වහාම මැදිහත්වි විනිසුරුවන්ගේ හා නීතිවේදීන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කටයුතු කළ යුතු බවද වවුනියාව ප‍්‍රදේශවාසීන් ඉල්ලා සිටියේය.

ඊයේ(25) දිනයේ පැවති විරෝධතාවයට සමගාමීව මන්නාරම,යාපනය,කිලිනොච්චිය,මුලතිව් දිස්ත‍්‍රික්කයන්හිදි විරෝධතා සංවිධානය කොට තිබිණි.

වවුනියාව පොදු වෙළෙඳ මධ්‍යස්ථානය අසලින් ආරම්භකළ විරෝධතා පාගමන වවුනියාව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය අසළදී අවසන් කෙරිණි. ඡායාරූප - මාධව කුලසූරිය