රත්ගම සභාපති ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට

රත්ගම සභාපති ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට

March 29, 2015   10:59 pm



රත්ගම ප්‍රාදේශිය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

හික්කඩුව පොලීසිය  සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්ය.

රත්ගම ප්‍රාදේශීය සභාපතිවරයා පසුගියදා හික්කඩුවේ හෝටලයකදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගියේය.