නීති කැඩූ ධීවරයින් ඉන්දීය අත්අඩංගුවේ

නීති කැඩූ ධීවරයින් ඉන්දීය අත්අඩංගුවේ

March 29, 2015   06:29 pm

ශ්‍රී ලාංකික ධිවරයින් 5 දෙනෙකු ඉන්දිය වෙරළ ආරක්ෂක නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය සිකුරාදා දිනයේ ඉන්දියාවේ චෙන්නායි  වෙරළ ආරක්ෂක නිළධාරින් විසින් මෙම  ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් ධීවරයින් ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්වන ගිය ධීවරයින් පිරිසක් බව වාර්තා වෙයි.

එම  ශ්‍රී ලාංකික ධීවරයින් පිරිස පූසාල් බන්ධනාගාරයේ රඳවා තබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.