උතුරු දුම්රිය මාර්ගයේ කාල සටහන් සංශෝධනය වෙයි

උතුරු දුම්රිය මාර්ගයේ කාල සටහන් සංශෝධනය වෙයි

March 29, 2015   05:57 pm

අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි උතුරු දුමරිය මාර්ගයේ ධාවනය වන දුම්රිය කිහිපයක කාල සටහන් සංශෝධනය කර  තිබේ.

දුම්රිය ගමනාගමන අධිකාරි එල්.ඒ. ආර්.රත්නායක මහතා සඳහන් කළේ නව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරිම හේතුවෙන් මෙම සංශෝධනය සිදුකර ඇති බවයි.

කොළඹ සිට යාපනය මඩකළපුව හා ත්‍රිකුණාමලය බලා ධාවනය වන දුම්රිය කිහිපයක කාල සටහන මෙලෙස සංශෝධනය කර ඇති බව සඳහන් වෙයි.