ක්‍රිකට් ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවටයි

ක්‍රිකට් ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවටයි

March 29, 2015   03:49 pm

ක්‍රිකට් ලෝක කුසලාන  ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

ඒ නවසීලන්ත කණ්ඩායම පරදා කඩුළු 7න් මෙම ජයග්‍රහණය ලබා ගන්නා ලදී.

කාසියේ වාසිය ලබාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදුන් අතර එම කණ්ඩායම  ලකුණු 183ට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 33.1 දී ජයග්‍රහණය ලබා‍ ගන්නා ලදී.