පළාත් පාලන ආයතන 234ක නිල කාලය දීර්ඝ කරයි

පළාත් පාලන ආයතන 234ක නිල කාලය දීර්ඝ කරයි

March 29, 2015   02:40 pm


පලාත් පාලන ආයතන 234ක නිල කාලය දිර්ඝ කිරිමට රජය තීරණය කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරිම සඳහා කටයුතු සිදුකරමින් සිටින බව රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසුරිය මහතා සඳහන් කළේය.

ඉදිරි දින කිහිපය තුළ නිල කාලය අවසන් විමට නියමිත පලාත් පාලන ආයතනවල කාලය මෙලෙස දිර්ඝ කිරිමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මහ නගරසභා 3ක සහ නගරසභා 30ක නිල කාලය මැයි මස 15 වන දින දක්වා දිර්ඝ කිරිමට නියමිතය.

ප්‍රාදේශිය සභා 201 ක නිල කාලය මැයි මස 31 වන දින දක්වා දිර්ඝ කිරිමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.