මිහින් ලංකා ගුවන් යානයක තාක්ෂණික දෝෂයක් - යළි ගොඩ බස්සවයි

මිහින් ලංකා ගුවන් යානයක තාක්ෂණික දෝෂයක් - යළි ගොඩ බස්සවයි

March 29, 2015   02:22 pm

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ  සිට බංගලාදේශයේ ඩකා නුවර බලා ගමන්කරමින් තිබු මිහින්ලංකා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක්  තාක්ෂණික දෝෂයකට ලක්විම හේතුවෙන් යළි ගොඩබස්වා  තිබේ.

අද පෙරවරු 7.25ට යානය බංගලාදේශයේ ඩකා නුවර බලා පිටත්ව යෑමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් යානය පැය කිහිපයක් ප්‍රමාද වී ගමන් ආරම්භ කළ බව  මිහින්ලංකා ගුවන් සමාගම සඳහන් කළේය.

අතර මඟදී යානය යළිත් තාක්ෂණික දෝෂයට ලක්ව ඇති අතර ඒ අනුව නැවතත් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවිමට නියමුවන් කටයුතු කර තිබේ.

ඒ 320 එයාර් බස් වර්ගයේ අදාළ ගුවන් යානයේ මඟින් 159 දෙනෙකු  ගමන් කරමින් සිටි බව වාර්තා වෙයි