නවසීලන්තය ලකුණු 183ට සීමාකරයි

නවසීලන්තය ලකුණු 183ට සීමාකරයි

March 29, 2015   12:51 pm

 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 183ට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්  සමත් වී තිබේ.

කාලියේ වාසිය ලබාගෙන පළමුවෙන් පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායම තීරණය කළේය.

නවසීලන්ත කණ්ඩායම අදාළ ලකුණු ප්‍රමාණය රැස්කර ගන්නා ලද්දේ පන්දුවාර 45ක් තුළදීය.

නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන්  ක්‍රීඩා කිරීමට පැමිණි  මැක්ලම්  අවාසනාවන්ත අයුරින් පළමු පන්දුවාරයේදීම දැවි ගියේය.

එසේම ඩේවිඩ් එලිඕට්  නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ලකුණු 83ක් ලබා ගැනීමට සමත්විය.

අද තරඟය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයෙදී පැවැත්වෙයි.

මෙවර ලෝක කුසලානය දිනා ගැනීම සඳහා සත්කාරක ඔස්ට්‍රේලියාව සහ  සහ නවසීලන්තය තරග වැදීම විශේෂත්වයක් වෙයි.

මේවන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිව් වතාවක් ලෝක කුසලානය දිනා  ඇති අතර  අවස්ථා 7කදී අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටියි.

නවසීලන්ත කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහ තරගාවලියක් සඳහා සුදුසුකම් ලැබුවේ පළමු වරටය.

මූලික වටයේ තරගවලදී ඔවුන් අපරාජිතව අවසන් මහ තරගය දක්වා පැමිණීමට සමත් වුණි.

 කෙසේවුව ද අද තරගය ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන බැවින් වැඩි වාසි ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අත්වනු ඇති බව  විචාරකයින් පවසයි.

  
 මේ අතර   අවසන් මහා තරගයේ විනිශ්චය සඳහා ශ්‍රී ලංකාවේ කුමාර ධර්මසේන ද තරග තීරක වශයෙන් රංජන් මඩුගල්ල ද කටයුතු කරයි.