ගලබොඩ ඇ‍ල්ලේ ගිළී තරුණියක් මියයයි

ගලබොඩ ඇ‍ල්ලේ ගිළී තරුණියක් මියයයි

March 29, 2015   10:01 am

නාවලපිටිය, ගලබොඩ දිය ඇල්ලේ පහළ කොටසේ දියනාමින් සිටි තරුණියක දියේ ගිළී මියගොස් තිබේ.

අදාළ තරුණිය තවත් තරුණියක සමඟ ඊයේ පස්වරුවේ දියනාමින් සිටියදී ඔවුන් දියේ ගිළී ඇති බව  පොලීසිය සඳහන් කළේය.

ප්‍රදේශවාසීන් විසින් අදාළ තරුණියන් දෙදෙනා බේරාගෙන නාවලපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී එක් තරුණියක් මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 17 හැවිරිදි ගලබඩ ප්‍ර දේශයේ පදිංචිව සිටි තරුණියකි.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.