මිලියන 5ක රත්‍රං සමඟ ඉන්දියානුවන් දැලේ

මිලියන 5ක රත්‍රං සමඟ ඉන්දියානුවන් දැලේ

March 29, 2015   09:04 am

සිංගප්පූරුවේ සිට මෙරටට රැගෙන පැමිණි රුපියල් මිලියන 05ක් පමණ වටිනා රත්‍රං තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු බාරයට ගෙන තිබේ.

ඊයේ(28)  රාත්‍රී 9.10ට පමණ සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු සිරුර අභ්‍යන්තරයේ සඟවාගෙන අදාළ රත්‍රං තොගය රැගෙනවිත් ඇති බව  ගුවන් තොටුපොළ රේගුව ප්‍රකාශ කළේය.

කිලෝග්‍රෑම් එකක් පමණ වු අදාළ රත්‍රං තොගය රත්‍රං බිස්කට් 10කින් සමන්විතය.

රත්‍රං තොගය රාජසන්තක කර ඇති අතර සැකකරුවන්ට රුපියල් 25, 000 බැගින්  දඩ මුදලක් නියම කර තිබේ.