ලෝක කුසලාන තරඟය අදයි - නවසීලන්තය පිත්ත අතට ගනියි
March 29, 2015 08:55 am
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ කාසියේ වාසිය ලබාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.
අද තරඟය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයෙදී පැවැත්වෙයි.
මෙවර ලෝක කුසලානය දිනා ගැනීම සඳහා සත්කාරක ඔස්ට්‍රේලියාව සහ සහ නවසීලන්තය තරග වැදීම විශේෂත්වයක් වෙයි.
මේවන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිව් වතාවක් ලෝක කුසලානය දිනා ඇති අතර අවස්ථා 7කදී අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටියි.
නවසීලන්ත කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහ තරගාවලියක් සඳහා සුදුසුකම් ලැබුවේ පළමු වරටය.
මූලික වටයේ තරගවලදී ඔවුන් අපරාජිතව අවසන් මහ තරගය දක්වා පැමිණීමට සමත් වුණි.
කෙසේවුව ද අද තරගය ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන බැවින් වැඩි වාසි ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අත්වනු ඇති බව විචාරකයින් පවසයි.
මෙම තරගයෙන් පසු ඔස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් එක්දින ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට ද නියමිතය.
මේ අතර අවසන් මහා තරගයේ විනිශ්චය සඳහා ශ්‍රී ලංකාවේ කුමාර ධර්මසේන ද තරග තීරක වශයෙන් රංජන් මඩුගල්ල ද කටයුතු කරයි.