පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්සේ වෙස්ගත් පිරිසක් මුදල් ජාවාරමේ

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්සේ වෙස්ගත් පිරිසක් මුදල් ජාවාරමේ

March 27, 2015   05:11 pm



පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් බව පවසමීන් පුද්ගලයින් පිරිසක් මුදල් එක්රැස් කරන බවට තොරතුරු ලැබී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම පුද්ගලයින් වෙළඳසැල් වලට පැමිණ වෙළඳුන් බියගන්වා මුදල් එක්රැස් කරන බවට පැමිණිලි රැසක් ලැබී ඇති බව  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා සඳහන් කළේය.

කොළඹ, ගම්පහ ,රත්නපුර, කුරුණෑගල , මාතර වැනි නගරවල පිහිටි වෙළෙඳසැල් හිමිකරුවන්ගෙන් මෙම පැමිණිලි ලැබී ඇති බව සඳහන්ය.

අනන්‍යතාව තහවුරු කරන ලේඛන නොමැතිව වෙළඳසැල් පරීක්ෂා කිරීම සඳහා පැමිණෙන පුද්ගලයින් පිළිබඳ වහාම පොලීසිය දැනුවත් කරන ලෙස එම අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.