දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

March 27, 2015   04:55 pm



සුළං ප්‍රවාහයේ පවතින කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ බො‍හෝ ප්‍රදේශ  ආශ්‍රිතව වැසි අපේක්ෂා කරන බව කාලගුණ  දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි ඇති වේ.

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවල ද ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ඇතැම් ස්ථාන වලට ඉතා තද වැසිද (මිලී මීටර් 150 ක පමණ)  වැසි ඇතිවීමට ඉඩ ඇත.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.