ඇසිඩ් බැරල් වල පොල්තෙල් සහ ෆාම් තෙල් දාලා

ඇසිඩ් බැරල් වල පොල්තෙල් සහ ෆාම් තෙල් දාලා

March 27, 2015   04:06 pm



විදේශ රට වලින් ගෙන්වන ලද ඇසිඩ් බැරල් වල ගබඩා කර තිබූ පොල්තෙල් සහ ෆාම් තෙල් තොගයක් දඹුල්ල ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.

දඹුල්ල පොලීසිය සහ මහ නගර සභාව එක්ව සිදුකළ වැටලීමක දී  එවැනි බැරල් තුළ ගබඩා කර තිබූ පොල්තෙල් සහ ෆාම් තෙල් ලීටර් දස දහසකට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති බව සඳහන්ය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි ගබඩාවක් පිටුපස මෙම බැරල් සඟවා තිබූ බව සඳහන්ය.

ආහාර ගබඩා කිරීම සිදු නොකළ යුතු බවට අදාළ බැරල් වල සටහන් කර තිබූ බවද අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.




ඡායා රූ - කාංචන කුමාර ආරියදාස