මාලකගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

මාලකගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

March 27, 2015   03:56 pm



හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා විසින් රාත්‍රී සමාජ ශාලා වෙත යාමට කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනගාර ගත කර සිටි මාලක සිල්වා මහතාට ඇප නියම කිරීමේදී කොන්දේසි දෙකක් අධිකරණය විසින් පනවා තිබුණි.

එක් ඇප කොන්දේසියක් පනවා තිබූ අතර තවත් ඇප කොන්දේසියක් අධිකරණය විසින් පනවා තිබිණ.

එම නියෝග ඉවත් කරන මෙන් මාලක සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

රාත්‍රී සමාජ ශාලා වලට ඇතුළුවීම වළක්වාලමින් පැනවූ ඇප කොන්දේසිය ඉවත් කිරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා පැවසුවේ අදාළ ඇප කොන්දේසිය සැකකරුගේ සහ සමාජයේ ආරක්ෂාව වෙනුවෙන් පනවා ඇති බවයි.

කෙසේ වෙතත් මහජනතාව ප්‍රසිද්ධියේ රැස්ව සිටින ස්ථාන වල ඔවුන් බියගන්වන ආකාරයෙන් හැසිරීම වළක්වාලමින් පනවා තිබූ ඇප කොන්දේසිය ඉවත් කිරීමට අධිකරණය තීරණය කළේය.

 

 




පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.