රිලවෙක් පාසැල් දැරියක සපාකෑවාට නයි නටවන්නන් දෙදෙනෙකු අත්අඩංගුවට

රිලවෙක් පාසැල් දැරියක සපාකෑවාට නයි නටවන්නන් දෙදෙනෙකු අත්අඩංගුවට

March 27, 2015   03:39 pm

හැටන් නගරයේ මහජන වෙළඳපොළ අසළදී අද (27) පස්වරු 1 ට පමණ පාසැල් දැරියක රිලවෙකු විසින් සපාකෑමේ සිද්ධියක් සම්න්ධයෙන් නයි නටවන්නන් දෙදෙනෙකු සහ ඔවුන් භාරයේ සිටි රිලවුන් දෙදෙනෙකු, නයි 4 දෙනෙක්  හැටන් පොලීසිය මගින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම නයි නටවන්නන් දෙදෙනා ඊයේ සිට හැටන් මහජන වෙළඳපොළ භූමියේ නයි නැටවීම සිදුකරන අතරතුර ඒ අසළින් ගමන් ගත් අයෙකු රිලවෙකු විසින් සපා කා ඇත.

අද දිනයේත් හැටන් මහජන වෙළඳපොළට පැමිණි පාසැල් දැරියක එම නයි නටවන්නා භාරයේ සිටි රිලවෙකු විසින් සපාකෑමත් සමගම හැටන් මහජන වෙළඳපොළ අසළ නොසන්සුන්කාරි තත්ත්වයක්ද ඇතිවිය.

පසුව හැටන් පොලීසියට කළ දැනුම් දීමකින් පසුව නයි නටවන්නන් දෙදෙනා සහ ඔවුන් භාරයේ සිටි රිලවු ඇතුළු නයින්ද පොලිස් භාරයට ගැනිණ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව හැටන් පොලීසිය පවසයි.

රිලවා සපාකෑමෙන් තුවාල ලැබූ එකළොස් හැවිරිදි පාසැල් දැරිය හැටන් වත්තේ පදිංචි එස්.කලෙයිචෙල්වි නැමති පාසැල් ශිෂ්‍යාවක් බවත්, ඇයව දික්ඔය මූලික රෝහලට ඇතුළත් කරන බවත්, හැටන් පොලීසිය කියයි.




ඡායා රූ - රංජිත් රාජපක්ෂ