පොරොන්දු කඩකළැයි ජල සම්පාදන සේවකයින් පාරට

පොරොන්දු කඩකළැයි ජල සම්පාදන සේවකයින් පාරට

March 27, 2015   02:47 pm



බලධාරින් විසින් ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම හේතුවෙන් ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයට අයත්  රත්මලාන, ගොළුමඩම හංදියේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට සහ ප්‍රදේශිය සේවා මධ්‍යස්ථාන ඉදිරිපිට මෙම උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වෙයි.

ජල සම්පාදන සේවකයින් පසුගිය දින වල වෘත්තීය ක්‍රියාමාර්ග වල නිරත වු අතර විෂය භාර අමාත්‍යවරයා විසින් ලබාදෙන ලද පොරොන්දු වලට අනුව එම වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය  සඳහන් කළේය.

කෙසේ වෙතත් එම පොරොන්දු ඉටු නොකිරීම හේතුවෙන් යළි වෘත්තිය ක්‍රියාමාර්ග වලට යොමු වීමට තීරණය කළ බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු උපාලි රත්නායක මහතා පැවසුවේය.

උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයට අමතරව අද පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා දිවයින පුරා සියලු කාර්යාල සහ වැඩ බිම් වල සේවකයින් වැඩ වර්ජනයක නිරතව සිටි බවද ඔහු කීවේය.