සරණාගතයින් ඔස්ට්‍රේලියාවට පැටවීමේ ලාංකිකයින්ගේ උත්සාහය වතුරේ

සරණාගතයින් ඔස්ට්‍රේලියාවට පැටවීමේ ලාංකිකයින්ගේ උත්සාහය වතුරේ

March 27, 2015   11:13 am



නීති විරෝධි අයුරින්  සරණාගතයින් පිරිසක් ඕස්ට්‍රේලියාවට  යැවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එරට පල්ලවරම් ප්‍රදේශයේ පිහිටි නිවසකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි සරණාගත කඳවුරු වල සිටින පුද්ගලයින්   ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතට යවන බව පවසමින් ඔවුන්ගේ මුදල් ලබා ගැනීම මොවුන් විසින් සිදුකර තිබේ.

ඒ සඳහා එක් පුද්ගලයකුගෙන් ඉන්දීය  රුපියල් ලක්ෂ දෙකේ සිට රුපියල් ලක්ෂ 4 දක්වා මොවුන් මුදල් ලබාගෙන ඇති බව ඉන්දීය බලධාරින් අනාවරණය කරගෙන ඇත.