අනතුරකින් 13ක් රෝහලේ
March 27, 2015 09:38 am
බදුල්ල, හාඟිලිඇල්ල ප්රදේශයේ සිදුවු අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා තිබේ.
බදුල්ල දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසළ වේල්ලක ගැටීමෙන් අනතුර සිදුව ඇත.
අනතුරින් වෑන් රථයේ ගමන් කළ පිරිමි පුද්ගලයින් 08 දෙනෙකු සහ කාන්තාවන් 05 දෙනෙකු තුවාල ලබා වැලිමඩ රෝහලට ඇතුළත් කර තිබේ.
ඉන් බරපතළ තත්ත්වයේ පසුවු කාන්තාවන් තිදෙනෙකු වැඩිදුර ප්රතිකර සඳහා බදුල්ල රෝහල වෙත මාරුකර යවා ඇත.
තුවාලකරුවන් කුරුණෑගල ප්රදේශයේ පදිංචි අය බව සඳහන්ය.