මහමැතිවරණයෙන් පස්සෙත් ජාතික ආණ්ඩුවක් තමයි

මහමැතිවරණයෙන් පස්සෙත් ජාතික ආණ්ඩුවක් තමයි

March 27, 2015   09:11 am



ඉදිරි මහ මැතිවරණයෙන් අනතුරුවද මෙරට තුළ පවතින්නේ ජාතික ආණ්ඩුවක් බව සිවිල් ගුවන්සේවා පිළිබඳ  නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කුමන දේශපාලන පක්ෂයක හිටියද තම ප්‍රතිපත්ති වෙනස් නොවන බවයි.

මාතර පස්ගොඩ ප්‍රදේශයේ පැවති දිවි නැඟුම  කමිටු රැස්වීමකට එක්වෙමින් ගුවන්සේවා පිළිබඳ  නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේය.