අතුල් කෙෂාප් නව අමෙරිකානු තානාපති!

අතුල් කෙෂාප් නව අමෙරිකානු තානාපති!

March 27, 2015   08:45 am



ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ අමෙරිකානු තානාපතිවරයා ලෙස අතුල් කෙෂාප්ගේ නම අමෙරිකානු ජනපති බැරක් ඔබාමා විසින් යෝජනා  කර තිබේ.

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යංශයේ නියෝජ්‍ය සහකාර ලේකම් වශයෙන් මේවන විට ඒ මහතා කටයුතු කරමින් සිටියි.

මීට අමතරව කේෂව් මහතා නවදිල්ලියේ අමෙරිකානු තනාපතිවරයා වශයෙන්ද, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආර්ථික සහයෝගීතා අංශයේ ආසියානු සහ පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂකවරයා වශයෙන්ද 2012 වසරේ සිට 2013 වසර දක්වා කටයුතු කර ඇත.
 
ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවේ පමණක් නොව මාලදිවයිනේ අමෙරිකානු තනාපතිවරයා වශයෙන්ද කටයුතු කිරිමට නියමිතය.

අතුල් කේෂව් මහතා ඉන්දීය සම්භවයක් සහිත අමෙරිකානු පුරවැසියකු බවද සඳහන්ය.

දැනට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තනාපතිවරිය ලෙස කටයුතු කරනු ලබන්නේ මිචෙල් ජේ. සිසන් මහත්මියයි.

ජනපති බැරක් ඔබාමා විසින් යෝජනා කරනු ලදුව ඔහුගේ නව තනතුර අමෙරිකානු සෙනට් මණ්ඩලය විසින් අනුමත කළ යුතුව තිබේ.

රාජ්‍ය තාන්ත්‍රික සේවාව පිළිබඳ පළපුරුදු නිලධාරියෙකු ලෙස ඒ මහතා සැලකෙයි.