අයි. එස් සටන්කාමින්ට අමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර
සයුරෙන් එතෙර

අයි. එස් සටන්කාමින්ට අමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර

March 26, 2015   08:58 am



අයි.එස්, සටන්කාමීන්ගේ ඉලක්ක වෙත ඇමරිකාව විසින් ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

ඉරාකයේ ටික්රික්ට් නගරයේ පිහිටි අයි.එස්, සටන්කාමීන්ගේ මර්මස්ථාන වෙත මෙම ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්ය.

ඉරාක අග්‍රාමාත්‍ය හේඩර් අල් අබාඩිගේ ඉල්ලීම මත මෙම ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඇමරිකාව පවසයි.

ඉරාක හමුදා වලට සහය දැක්වීම සඳහා අයි.එස්. සටන්කාමීන්ගේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඇමරිකාව පෙන්වාදෙයි.

ටික්රික්ට් හි බලය අතපත් කරගැනීම සඳහා ඉරාක‍යෙහි විසිදහසක හමුදා සේනාංකයක් යොදා ඇති බව එරට මාධ්‍ය පවසයි.