කටාර් නායකයාගේ පැමිණීමට විශේෂ රථවාහන සැලැස්මක්

කටාර් නායකයාගේ පැමිණීමට විශේෂ රථවාහන සැලැස්මක්

March 24, 2015   12:15 pm




කටාර් රාජ්‍ය නායක ෂීක් තමිම් බින් හමාඩ් අල් තානි (Shaikh Tamim Bin Hamad Al Thani) එමීර්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් අද පස්වරුවේ විශේෂ රථවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.
 
ඒ අනුව පස්වරු 1.30 සිට පස්වරු 2.30 දක්වා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කොළඹට ඇතුළුවන මාර්ගයේ අධිවේගී පෙදෙස, බේස්ලයින් පාර, ඩී.එස්. විදුලි සංඥා, හෝර්ටන් පෙදෙස, නෙළුම් පොකුණ ඉදිරිපිට මාර්ගය, කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම, ශාන්ත මයිකල් වටරවුම, කොල්ලුපිටිය ගාලු පාර, ගාලු මුවදොර වටරවුම ඔස්සේ එන්.එස්.ඒ. වටරවුම දක්වා වූ කොටස වසා තැබෙයි.
 
එසේම පස්වරු 3.45 සිට 4.45 දක්වා එන්.එස්.ඒ. වටරවුමේ සිට ගාලු මුවදොර වට රවුම ඔස්සේ කොල්ලුපිටිය, ශාන්ත මයිකල් වටරවුම, කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම, නෙළුම් පොකුණ ඉදිරිපිට මාර්ගය, හෝර්ටන් පෙදෙස, ඩී.එස්. විදුලි සංඥා,  බොරැල්ල හරහා ඔරුගොඩවත්ත, බේස්ලයින් පාර, අධිවේගී මාර්ගයේ කොළඹින් පිටවන කොටසේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා වූ කොටස වසා තැබෙනු ඇත.
 
ඉහත වේලාවන් මාර්ගයේ අධික රථවාහන තදබදයක් පවතින වේලාවන් බැවින් හැකිතාක් දුරට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
 
කටාර් රාජ්‍ය නායක ෂීක් තමිම් බින් හමාඩ් අල් තානි (Shaikh Tamim Bin Hamad Al Thani) එමීර්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් අද පස්වරුවේ විශේෂ රථවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා සංචාරය තුළදී කටාර් එමීර්වරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නායකයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡා පැවැත්විමට සැළසුම් කර ඇත.

මේ අතර දිවයිනට පැමිණ සිටින ශ්‍රී ලංකා ක්‍රිස්තියානි මණ්ඩලයේ මහලේකම්  මයිකල් ලැප්ස්ලි පියතුමා අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායකවරයා ඇතුළු දේශපාලන නියෝජිතයින් කිහිපදෙනෙකු හමුවීමට නියමිතය.

 ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ ආරාධනය පරිදි මෙරටට පැමිණ සිටින දකුණු අප්‍රිකානු නිදහස් අරගලයේ කොටස්කරුවෙකු වන මයිකල් ලැප්ස්ලි පියතුමා පසුගියදා මෙරට ආගමික නායකයින් රැසක්  මුණගැසී තිබුණි.