ජනපති අද උතුරු - න‍ැගෙනහිර සංචාරයේ!

ජනපති අද උතුරු - න‍ැගෙනහිර සංචාරයේ!

March 3, 2015   08:36 am



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දිනයේ උතුරු - නැගෙනහිර සංචාරයක නිරත වීමට තීරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද උදෑසන යාපනයට යන ජනාධිපතිවරයා යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වන බවයි.

 ඊට යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන  සියලු දේශපාලන පක්ෂ  නියෝජිතයින්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ආරාධනා කර තිබේ.

අද පස්වරුවේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටු රැස්වීම ද පැවැත්වීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ අතර මාතෘභූමිය තවත් රටක යටත් විජිතයක් වන කිසිදු ගිවිසුමකට එළඹීමට තම රජය සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අද ලෝකයේ ප්‍රබල රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල් යටත් කරගැනීමට විවිධ විෂයන් සඳහා අත්සන් තබන ගිවිසුම් තුළින් බලාපොරොත්තු වන බවයි.

වාරියපොල ශ්‍රී සුමංගල රජමහා විහාරස්ථානයේ පැවති ශ්‍රී සුමංගල නාහිමි ගුණසමරු ජාතික උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.