ශ්‍රී ලංකාවේ සැබෑ වෙනසකට පරිසරය නිර්මාණය වෙලා

ශ්‍රී ලංකාවේ සැබෑ වෙනසකට පරිසරය නිර්මාණය වෙලා

March 2, 2015   11:10 pm

ශ‍්‍රී ලංකාවේ සැබෑ වෙනසක් සිදුකිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වී ඇති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා  පවසයි.


ජිනිවා හීදි අද ආරම්භ වු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 28 වැනි සැසිවාරය අමතමින් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මේ බව කියා සිටියේය.

ශ‍්‍රී ලංකාව සහ බුරුමය  සම්බන්ධයෙන් පොදුවේ අදහස් දක්වමින්  ඔහු මේ බව කිවේය.
 

ශ‍්‍රී ලංකාවේ නව රජය ලබාදී ඇති  පොරොන්දු සහ නව යෝජනා ක‍්‍රියාත්මක කිරීමට ජගත් මානව හිමිකම් කවුන්සිලය සහය ලබාදී ඇති බව ඒ මහතා වැඩිදුරටත්  සඳහන් කළේය.