පසුගිය රජය ප්රතිසන්ධාන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වුණා
March 2, 2015 07:52 pm
ප්රතිසන්ධාන ක්‍රියාවලිය හා මානව හිමිකම් නැවත ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකාව තුළ ඉඩකඩ අවහිර වී තිබු බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
පසුගිය රජය විසින් ඒ සම්බන්ධයෙන් නිසියාකරයෙන් කටයුතු නොකිරීම එයට හේතුවක් වී තිබු බව එ මහතා සඳහන් කරයි.
මේ වන විට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන 28 වන මානව හිමිකම් සැසිවාරය අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එසේම පසුගිය ජනවාරී 8 වන දින ශ්‍රී ලංකාව තුළ පැවැත්වුණු ජනාධිපතිවරණයේදී ඓතිහාසික තීරණයක් ජනතාව ලබා දුන් බවත්, අදාළ තීරණය මගින් පෙර සිටි රෙජිමය පරාජය වු බවත්, එහිදී සමරවීර මහතා පෙන්වා දුන්නේය.
මේ හේතුවෙන් ලංකාව තුළ ප්රතිසන්ධාන ක්‍රියාවලිය සහ මානව හිමිකම් සාර්ථක කර ගැනීමේ ක්‍රියාවලියට ළඟාවීමට අවස්ථාව හිමිවු බව හෙතෙම අවධාරණය කළේය.
කලින් පැවති රජය උගත් පාඩම් සහ ප්රතිසන්ධාන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වු බවත්, මේ වන විටත් පවතින රජය අදාළ නිර්දේශයන් ක්‍රියාත්මක කරමින් සිටින බවත් ඔහු කීවේය.
සැසිවාරය ආරම්භ කරමින් අද දිනයේ විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව මේ වන විට පැවැත්වෙමින් තිබේ.
ඒ සඳහා රටවල් 65 ක විදේශ අමාත්‍යවරුන් සහභාගී වී ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි.
එසේම හෙට දිනයේ දී මංගල සමරවීර අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කටයුතු පිළිබඳ මහ කොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් මහතා මුණ ගැසීමට නියමිතවය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයේ වාර්තාව ඉදිරිපත් කිරීමට මාස 06කින් කල් දැමීමෙන් පසුව රජයේ ඉහළ පෙළේ නිලධාරියෙකු මානව හිමිකම් මහකොමසාරිස්වරයා හමුවන ප්‍රථම අවස්ථාව මෙය වෙයි.