පොලිස් නිලධාරීයා යාපනයේදී අවසන් ගමන්යයි

පොලිස් නිලධාරීයා යාපනයේදී අවසන් ගමන්යයි

March 2, 2015   05:16 pm

යාපනය, කුරීකට්ටුවාන් ජැටියට ආසන්න මුහුදේ ගිළී පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ.

කච්චතිව් ශාන්ත අන්තෝනී දේවස්ථානයේ මංගල්‍යයේ ආරක්ෂක රාජකාරී නිම කිරීමෙන් අනතුරුව නැවත පැමිණෙමින් සිටියදී අදාළ පොලිස් නිලධාරියා ඔහු ගමන් කළ බෝට්ටුවෙන් මුහුදට ඇද වැටී ඇති බව  පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ 42 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් නිලධාරියෙකි.

ඔහු පේදුරුතුඩුව පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකු බව  මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.