මධ්‍යම ජල සේවකයෝ පැය 4ක් වැඩවරති

මධ්‍යම ජල සේවකයෝ පැය 4ක් වැඩවරති

March 2, 2015   03:49 pm

ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මධ්‍යම පළාතේ  සේවකයින් හෙට(03)  දින පැය 04 ක කාලයක් සේවයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

වැටුප් වැඩිවීම ලබානොදිම මීට හේතුව බව  ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පැවසුවේය.

ඒ අනුව හෙට පෙරවරු 9.00 සිට පස්වරු 01.00 දක්වා කාලය තුළ ඔවුන් මෙලෙස සේවයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

එම කාලය තුළදී දෛනික නඩත්තු කටයුතු, බිල්පත් නිකුත් කිරීමේ කටයුතු, බිල්පත් ගෙවීමේ කටයුතු ඇතුළුව සියළු කාර්යාල සහ පාරිභෝගික සේවාවන්වලින් ඉවත්වන බව  උපාලි රත්නායක මහතා සඳහන් කළේය.