නැ'හිර මහ ඇමතිටත් එරෙහිවෙයි
March 2, 2015 03:31 pm
නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය හෆීස් නසීර් අහමඩ් මහතාට තවදුරටත් එම ධුරයේ කටයුතු කළ නොහැකි බව එම පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රකාශ කර තිබේ.
මහ ඇමතිවරයාට පළාත් සභාවේ තිබිය යුතු බහුතර බලය නොමැති වීම හේතුවෙන් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව එම මන්ත්‍රීවරුන් සඳහන් කරයි.
ඒ අනුව අද(02) පෙරවරුවේ පළාත් ආණ්ඩුකාරවරයා හමුවී නැගෙනහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 6 දෙනෙකු මේ බව ප්‍රකාශ කර තිබේ.
එසේම හෆීස් නසීර් අහමඩ් මහතා නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමතිවරයා බවට පත් කරන ලෙස ඉල්ලමින් පසුගිය දා මන්ත්‍රීවරුන් 14 දෙනෙකු පළාත් ආණ්ඩුකාරවරයාට දිවුරුම් පෙත්සම් ලබා දී තිබුණි.
කෙසේ වෙතත් ඔහු ඇමති ධුරයට පත් වීමෙන් පසු පළාත් සභාවේ සියලු අමාත්‍ය ධුර පවරාගෙන එම අමාත්‍ය ධුර සඳහා ඔහුගේ හිතවතුන් පත් කිරිමට කටයුතු කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
මෙලෙස මහ ඇමතිවරයා අත්තනෝමතිකව විවිධ පුද්ගලයින්ට පත්වීම් ලබා දීමට කටයුතු කිරිම හේතුවෙන් තවදුරටත් ඔහුට සහය පළ කළ නොහැකි බව අදාළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබේ.