පනත ගැන සතුටුයි - හදිසියේ ඒම ගැටළු සහගතයි
March 2, 2015 02:08 pm
ජාතික ඖෂධ පනත ගෙන ඒම පිළිබඳ වත්මන් රජයට ප්‍රසාදය පළකරන නමුත් විධායක බලය ක්‍රියාවට නඟමින් හදිසියේ ගෙනඒම ගැටළු සහගත බව මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය පවසයි.
එම සංවිධානයේ ජාතික සංවිධායක වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා අද (02) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පැවති රාජපක්ෂ රජයද ස්වකීය ප්‍රතිපත්ති ප්රකාශනවල මෙවැන්නක් අන්තර්ගත කළද ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවූයේ නොමැති බවයි.
එබැවින් ප්‍රතිපත්ති ප්රකාශනවලට පමණක් සීමාවූ ජාතික ඖෂධ පනත ගෙන ඒම පිළිබඳ කෘතඥතාව පළකරන අතරම එහි අන්තර්ගතය පිළිබඳ කරුණු හෙළිකරමින් විධිමත් සංවාදයක් සිදුකරන්නේනම් වඩාත් සුදුසු බව ඔහු සඳහන් කළේය.
මේවන විට එකී ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳ සිංහල පිටපතක් හෝ දකින්නට නොමැති බවත්,එය කනගාටුදායක බවත් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.
ඉකුත් රජය විසින් 'පෞද්ගලික වෛද්‍ය නියාමන පනත'යටතේ සෞඛ්‍ය ක්ෂේත්රයේ බොහෝ දේවල් පෞද්ගලීකරණයට නැඹුරු කළ බවත්,ඒ තුළින් ගැටළු රැසක් මතුවුණු බවත් ඔහු සිහිපත් කළේය.
ඖෂධ වෙළඳපල තුළ 30%ක් භාවිතා කෙරුණේ ප්‍රමිතියෙන් බාල ඖෂධ බවත්,ඇතැම් පිරිස් ඇතැම් ඖෂධ මත් ද්‍රව්‍ය වලට ආදේශකයක් ලෙස භාවිතයට ගත් බවත්,ඖෂධ මිල හිතුවක්කාරී ලෙස ඉහළදැමීමට සමාගම් විසින් කටයුතු කළ බවත් හෙතෙම අවධාරණය කළේය.
එසේම මේවවන විට ඖෂධ හිඟයක් හා වෛද්‍ය උපකරණ හිඟයක්ද පවත්නා බවත්,රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හිඟ බැවින් ඇතැමුන් ඒවා ලබාගැනීමට බස්රථවල හිඟා කන තත්ත්වයක් දක්නට ලැබෙන බවත් ඔහු කියා සිටියේය.
එබැවින් කුමක් හෝ ඖෂධ පනතක් බාර ගැනීමට තමන් සූදානම් නොමැති බවත්,රටට අවශ්‍යව ඇත්තේ මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය බවත් වෛද්‍ය බණ්ඩාර මහතා පෙන්වාදුන්නේය.