චන්ද්‍රිකා උපකරණ ගේන්න වන්දනාවේ ගිහින් එද්දි මාට්ටු

චන්ද්‍රිකා උපකරණ ගේන්න වන්දනාවේ ගිහින් එද්දි මාට්ටු

March 2, 2015   08:33 am



අධි තාක්ෂණික චන්ද්‍රිකා උපකරණ තොගයක් සමඟ වන්දනා ගමන්කරුවන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්.122 දරණ ගුවන් යානයෙන් චෙන්නායි සිට මෙරටට පැමිණ ඇති අතර මොවුන්ගේ ගමන් මළු තුළ තිබි මෙම අධි තාක්ෂණික චන්ද්‍රිකා උපකරණ සොයා ගෙන ඇති බව  වාර්තා වෙයි.

මේවායේ වටිනාකම රුපියල් ලක්ෂ 13කට අධික බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේය.