මානව හිමිකම් සැසිවාරය අද ඇරඹෙයි
March 2, 2015 08:22 am
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 28 වන සැසිවාරය අද ආරම්භ වීමට නියමිතව තිබේ.
ඒ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි මානව හිමිකම් කවුන්සිල මූලස්ථානයේ දීය.
අද(02) ආරම්භ වන 28 වන සැසිවාරය ලබන 27 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.
සැසිවාරය ආරම්භ කරමින් අද දිනයේ විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව පැවැත්වෙනු ඇත.
ඒ සඳහා රටවල් 65 ක විදේශ අමාත්‍යවරුන් සහභාගී වීමට නියමිත බව වාර්තා වෙයි.
මේ අතර මෙම සමුළුවට සහභාගී වීම සඳහා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මේ වන විට ජිනීවා නුවරට ගොස් තිබේ.
හෙට දිනයේ දී මංගල සමරවීර අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කටයුතු පිළිබඳ මහ කොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් මහතා මුණ ගැසීමට නියමිතව ඇති බව සඳහන්ය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයේ වාර්තාව ඉදිරිපත් කිරීමට මාස 06කින් කල් දැමීමෙන් පසුව රජයේ ඉහළ පෙළේ නිලධාරියෙකු මානව හිමිකම් මහකොමසාරිස්වරයා හමුවන ප්‍රථම අවස්ථාව මෙය වෙයි.
මෙම සාකච්ඡාවේ දී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මානව හිමිකම් ආරක්ෂා කරගැනීමට නව රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මානව හිමිකම් මහකොමසාරිස්වරයා දැනුවත් කරනු ඇත.