මුහුදේ පාවෙමින් තිබු කාන්තා මළ සිරුර කාගේද?

මුහුදේ පාවෙමින් තිබු කාන්තා මළ සිරුර කාගේද?

March 1, 2015   05:58 pm

ගාල්ල සමනල පාලම අසළ මුහුදේ පාවෙමින් තිබු කාන්තා මළ සිරුරක් ගාල්ල පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ඒ අනුව  අද(01)  පස්වරුවේ මෙම මළ සිරුර සොයාගත් බව පොලිසිය පැවසුවේය.
 
මියගොස් ඇත්තේ පෝද්දල,  නරාවල ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවක බව සඳහන්ය.

මෙය සියදිවි හානිකර ගැනිමක් ද නැතහොත් ඝාතනයක්ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.