දින 100ට මහජන අදහස් විමසයි
March 1, 2015 03:33 pm
දින සීයයේ වැඩ සටහන සහ එහි ප්‍රගතිය පිළිබඳ මහජනතාවගේ අදහස් විමසීමට රජය තීරණය කර තිබේ.
වඩාත් ඵලදායි, කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුතුව එම වැඩසටහන සිදුකිරිම මෙහි අරමුණ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
ඒ අනුව ජනතාවගේ අදහස්, අධ්යක්ෂ ජනරාල්, ව්‍යාපෘති කළමණාකරණ හා අධික්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැඟිල්ල, ජනාධිපති මාවත,කොළඹ 01 යන ලිපිනයට තැපැල් මාර්ගයෙන් යොමු කළ හැකිය.
මීට අමතරව අන්තර්ජාලය ඔස්සේ 100dayfeedback@pmm.gov.lk යන විද්‍යුත් ලිපිනයටද ජනතා අදහස් යොමු කළ හැකි බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
එසේම 011 24 77 915 යන දුරකථන අංකයට ඇමතීමෙන් ද එම අදහස් ඉදිරිපත් කිරිමේ හැකියාව පවතියි.