ඉරිදා සහ පොහොය දිනවල උපකාරක පන්ති එපා - ගල්ගමුවේ උද්ඝෝෂණ
March 1, 2015 03:26 pm
ඉරිදා දිනවල සහ පොහොය දිනවල උපකාරක පන්ති නොපවත්වන ලෙස ඉල්ලමින් ගල්ගමුව ප්රදේශයේ ස්වාමින් වහන්සේ සහ ප්රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත වී තිබේ.
අද (01) පෙරවරුවේ ගල්ගමුව බස් නැවතුම්පළ ඉදිරිපිට මෙම විරෝධතාව පැවති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
විරෝධතාව සඳහා ගල්ගමුව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ස්වාමින් වහන්සේ, දහම්පාසල් සිසුන්, ගුරුවරුන් ඇතුලු පිරිසක් සහභාගී වී තිබේ.
ඉරිදා දිනවල සහ පොහොය දිනවල උපකාරක පන්ති නොපවත්වන ලෙස ඉල්ලමින් මීට පෙරද ගල්ගමුව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ස්වාමින් වහන්සේ පිරිසක් උපවාසයක නිරත වුණි.
එහිදි බලධාරීන් ලබාදුන් පොරොන්දු ක්රියාත්මක නොකිරිම හේතුවෙන් ඔවුන් මෙලෙස යළිත් වරක් විරෝධතාවයේ නිරත වී ඇති බවයි අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.