දේශීය ව්‍යවසායකයින්ට අයහපතක් වන ගිවිසුම් අත්සන් කරන්නේ නෑ

දේශීය ව්‍යවසායකයින්ට අයහපතක් වන ගිවිසුම් අත්සන් කරන්නේ නෑ

March 1, 2015   02:00 pm



කිසිදු රටක් සමඟ දේශිය ව්‍යවසායකයින්ට අයහපතක් හෝ අලාභයක් සිදුවන ගිවිසුම් වලට තමන් අත්සන් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.


ඒ සඳහා වෙනත් කිසිවකුට හෝ ඉඩ නොතබන බව  ජනාධිපතිවරයා පෙන්වා දෙයි.


රජයකට නැඟී සිටිමට නම් දේශිය ව්‍යවසායකයා ශක්තිමත් කළයුතු අතර රජය දැඩිව එම ස්ථාවරයේ සිටින බව ජනාධිපතිවරයා පවසයි.


තරුණ ලාංකික ව්‍යවසායක මණ්ඩලයේ සාමාජිකයින් සමඟ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති විශේෂ හමුවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  මෙම අදහස් පළ කළේය.


දේශිය ව්‍යාපාරිකයින් රැකගැනීමේ අරමුණින් පැවති රජය විසින් මැණික් හා පතල් කර්මාන්තය සඳහා විදේශිය සමාගම් වලට ලබා දී තිබු බලපත්‍ර  අහෝසි කිරිමට තමන් පියවර ගත් බවද ජනාධිපතිවරයා එහිදි සඳහන් කර සිටියේය.